2025/06/20 දින අධ්‍යාපන අමාත්‍යාංශයේදී ගරු විජිත හේරත් මැතිතුමා සහ වෛද්‍ය මධුර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විද්‍යාව ඔලිම්පියාඩ් තරගාවලියේ ත්‍යාග ප්‍රධාන උත්සවය

2025/06/20 දින අධ්‍යාපන අමාත්‍යාංශයේදී ගරු විජිත හේරත් මැතිතුමා සහ වෛද්‍ය මධුර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විද්‍යාව ඔලිම්පියාඩ් තරගාවලියේ ත්‍යාග ප්‍රධාන උත්සවයේදී දිවයිනේ පළාත් අතරින් දෙවන ස්ථානය දිනා ගැනීමට මධ්‍යම පළාතෙන් ඉදිරිපත් වූ සිසු දරු දැරියන්ට හැකි විය .ජාතික මට්ටමේ තරගාවලිය සඳහා සිසුන් හැත්තෑ අට දෙනෙකු ඉදිරිපත් වූ අතර එයින් අපගේ සිසුන් දහ දෙනෙකුට රන් පදක්කම් ලෝකඩ පදක්කම් හා කුසලතා මට්ටමේ සහතික හිමි විය .ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගාවලිය සඳහා සහභාගී වූ 6 ශ්‍රේණියේ මධ්‍යම පළාතේ ශිෂ්‍යයාද ය ඇගයීමට ලක් කරන ලදී. ප්‍රථම ස්ථානය උතුරු පළාතට හිමිවූ අතරදෙවන ස්ථාන දෙකක් අතර එය මධ්‍යම හා නැගෙනහිර පළාත්වලට හිමි විය .
මේ සඳහා අප වෙත ධෛර්ය හා ශක්තිය ශක්තිය ලබාදුන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක තුමන් ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ සියලුම දෙනාටත් සංවර්ධන අංශයේ විෂය භාර මාලනී මහත්මියට ඇතුළු සංවර්ධන අංශයේ සැමටත් ප්‍රතිපාදන හා ගිණුම් කටයුතු ඉටු කර දුන් ප්‍රධාන ගණකාධිකාරිතුමා ඇතුළු ගිණුම් අංශයේ සියලුම දෙනාටත් මධ්‍යම පළාත් විද්‍යා අංශය හෘදයාංගම ස්තුතිය පිරිනමමු